Friday, March 29, 2024

General line - 0115112241

පාසලක ඉදිකිරීමක නිරත කම්කරුවන් මතට පස් කන්ඩියක් කඩා වැටී දෙදෙනෙකු මරුට




පාසලක ගොඩනැගිල්ලක් ඉදි කිරීම සඳහා අත්තිවාරමක් කපමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්ඩියක් කඩා වැටීමෙන් අද (27) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ දීයි.

මෙම අනතුරෙන් සිව් දෙනෙක් තුවාල ලබා පොතුපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී කම්කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

තුවාල ලැබූ අනෙක් කම්කරුවන් දෙදෙනා පොතුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.