Friday, March 29, 2024

General line - 0115112241

මැදියම් රැයේ දුම්රිය වර්ජනය ස්ථිරයි - සේවයට වාර්තා නොකළොත් දුම්රිය සේවකයින්ට වැඩ වරදින ලකුණු

නිශාන් ද සිල්වා/කසුන් කැළුම්




දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළද අද මධ්‍යම රාති‍්‍රයේ සිට සිදු කරන සිය වර්ජනය ස්ථිර බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් ඉකුත් බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 48 ක වර්ජනයක නිරත වූ අතර බලධාරීන්ගෙන් සිය ඉල්ලීම්වලට ප‍්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සෑම සතියකම බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාති‍්‍රයේ සිට පැය 24 ක වර්ජනයක නිරතවිමටයි ඔවුන් එහිදී තීරණය කළේ.

සිය ඉල්ලීම්වලට විසදුම් ලැබෙන තෙක් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කළා. 

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කිරීමට සූදානම් වන මෙම වර්ජනය සම්බන්ධයෙන් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙලෙස අදහස් පළ කළා.