Thursday, April 25, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව කල් යයි - රතන හිමිත් කුරුණෑගල අධිකරණ පරිශ‍්‍රයට

ෆසාල් මොහොමඩ්/කසුන් කැළුම්/ළහිරු කපුගේ




වන්ද්‍යකරණ සැත්කම් සිදුකළ බවට හා අයථා ලෙස වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල  වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව ලබන මස 11 වනදා දක්වා අද කල් දැමුණා.

ඒ, අදාළ නඩුව කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැදවූ අවස්ථාවේදීයි. චෝදනා එල්ල වූ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් නොකෙරුණු අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා. මේ, ඒ පිළිබද අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.
 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මව්වරුන්ගෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ද මෙහිදී අධිකරණයට කරුණු වාර්තා කළ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. 
 

මේ, වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.
 

මේ අතර මව්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිව් දෙනෙකුද කුරුණෑගල අධිකරණය වෙත අද පැමිණ සිටියා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද කුරුණෑගල අධිකරණ පරිශ‍්‍රයට පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.