Friday, April 26, 2024

General line - 0115112241

මරණ දඬුවම සම්බන්ධයෙන් වාර්තාවක් මෙතෙක් ලැබී නැහැ : බන්ධනාගාර කොමසාරිස් අධිකරණයට දැනුම් දෙයි

අධිකරණ වාර්තාකරු




මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ලබන සතිය දක්වා සිදු නොකරන බවට බන්ධනාගාර කොමසාරිස්වරයා අද (28) අභියාචනාධිකරණයේදී පවසා සිටියා .

මරණ දණ්ඩණය සම්බන්ධයෙන් වාර්තාවක් තමා වෙත මෙතෙක් ලැබී නොමැති බව බන්ධනාගාර කොමසාරිස් ජයසිරි ජයනාත් තෙන්නකෝන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර මහතා වෙත දැනුම් දුන්නා.

ඒ අනුව මෙම රිට් පෙත්සම සලකා බැලීම ජූලි මස 2 දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ජනාධිපතිවරයා විසින් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මේ ආකාරයට රිට් පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පවසා සිටියා . 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ තීරණයක් අභියෝගයට ලක් කළ නොහැකි බව ඔහු තවදුරටත් පවසා සිටියා.

ඒ අනුව මෙම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න විසින් මෙම පෙත්සම ගොනු කළ අතර මරණ දණ්ඩණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන ලෙසට පෙත්සමෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා  සහ නීතිපතිවරයා නම් කර ඇත .මේ වන විට මරණීය දණ්ඩනය නියමවී  සිටින පුද්ගලයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති පෙත්සම්කරු පවසා සිටියි .

..............................................................

මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

(28-06-2019 14:28)

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අද (28) අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කළා.

මාධ්‍යවේදී මලින්ද සෙනෙවිරත්න විසින් මෙම පෙත්සම ගොනු කළ අතර මරණ දණ්ඩණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත නිකුත් කරන ලෙසට පෙත්සමෙන් ඉල්ලා ඇත .

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත .

මේ වන විට මරණීය දණ්ඩනය නියමවී  සිටින පුද්ගලයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මරණ දණ්ඩණය ක්‍රියාත්මක කිරීම සඳහා තමා අත්සන් කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සම්කරු පවසා සිටියි .

මෙම ක්‍රියාදාමය තුළින් පුද්ගලයින්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව පෙත්සම්කරු පවසා සිටියි .