Thursday, March 28, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාණු පන්දු යවන්නන් ශී‍්‍ර ලංකා පිළ මෙල්ල කරයි

සමන්ත කුමාර




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියළුම පිතිකරුවන් මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 203කට දැවී ගියා. ඒ පන්දුවාර 49යි පන්දු 03කදීයි.  

ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු පන්දුවේදීම නායක දිමුත් කරුණාරත්න ලකුණු නොලබා දැවී ගියේ කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවෙයි. ඉන් අනතුරුව පිටියේ එක් වූ කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප‍්‍රනාන්දු ලකුණු 67ක සබදතාවක් ගොඩනැගුවා. අවිෂ්ක ප‍්‍රනාන්දු දැවී ගියේ ලකුණු 30කටයි. කුසල් ජනිත් පෙරේරාද ලකුණු 30කෙ දැවී ගියා. ධනංජයද සිල්වා ලකුණු 24යි. කුසල් මෙන්ඩිස් ලකුණු 23කට දැවී ගියා.

පන්දු යැවීමේදී  ඞ්වයින් ප්‍රෙටෝරියස් ලකුණූ 25කට කඩුලූ 03ක් දවා ගත්තා. ඒ අනුව දකුණූ අපි‍්‍රකාණු කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා ලකුණු 204 ඉලක්කයක් හිමිව තිබෙනවා.

.................................................................................................

ශී‍්‍ර ලංකාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දකුණු අපි‍්‍රකාවට

(28-06-2019 15:31)

ලෝක කුසලාන  කි‍්‍රකට් තරගාවලයේ ශී‍්‍ර ලංකාව සමග දැන් පැවැත්වෙන තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දකුණු අපි‍්‍රකානු කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි. 

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ එක් වෙනස්කමක් සමගයි. අසනීප තත්වයක් හේතුවෙන් නුවන් ප‍්‍රදීප් අද තරගයට සහභාගී නොවන අතර ඔහු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.