Tuesday, April 23, 2024

General line - 0115112241

බදියුර්දීන්ගෙන් විශේෂ කාරක සභාව පැය 02ක් ප‍්‍රශ්ණ කරයි

සමන්ත කුමාර / සජිත් තිලකරත්න 




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුර්දීන් අද (28) සාක්ෂි ලබා දුන්නා. පැය දෙකකට ආසන්න කාලයක් හිටපු අමාත්‍යවරයා විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන් බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සජිත් තිලකරත්න පැවසුවේ.

කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මතුකළ ප‍්‍රශ්න කිහිපයකට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පිළිතුරු ලබා දුන්නා.

එහිදී නැගුනු තවත් ප‍්‍රශ්ණ කිහිපයකට හිටපු අමාත්‍ය  රිෂාඞ් බදියුර්දීන් මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදී සංවිධානයේ කටයුතු සඳහා සතොස ආයතනයේ වාහන යොදා ගෙන ඇති බවට  එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවේ සමාජික අමාත්‍ය රවී කරුණානායක මෙහදී හිටපු අමාත්‍ය  රිෂාඞ් බදියුර්දීන් ගෙන් ප‍්‍රශ්ණ කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරද අද පාර්ලිිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැදවා තිබුණද ඔහු පැමිණසිටියේ නැහැ. එම අවස්ථාවේ පාර්ලිිමේන්තු විශේෂ කාරක සභාවේ  සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අදහස් දැක්වූයේ මෙලෙසයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර.

සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද එම සංවාදයට එක්වුණා.

 

අමාත්‍ය අබ්දුල් හලීම්ගේ සොහොයුරෙකු වන එම් එච් ෆාහීම්ද අද පාර්ලිිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.පා

....................................................................

බදියුර්දීන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා හමුවට

(28-06-2019 16:12)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුර්දීන්, පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ කාරක සභාව හමුවේ මේ වන විට සාක්ෂි ලබා දෙමින් සිටිනවා. පස්වරු 2.30 ට පමණ මන්තී‍්‍රවරයා කාරක සභාව හමුවේ සාක්ෂි ලබා ඳීම ආරම්භ කළා.

එහිදී ඔහු කියා සිටයේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව තමන්ට එල්ල කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවයි.