Saturday, April 20, 2024

General line - 0115112241

හදිසි නීති විවාදයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් නොමැතිවීම ගැන විපක්ෂයේ සැකයක්

සජිත් තිලකරත්න




හදිසි නීතිය මසකින් දීර්ඝ කර ගැනීම සඳහා ඊයේ (27) පැවති පාර්ලිමේන්තු විවාදයට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් වැඩි පිරිසක් නොපැමිණීම සම්බන්ධයෙන් අද (28) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන ප‍්‍රශ්න කිරීමත් සමගයි. ඊට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

මෙහිදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ හදිසි නීති විවාදය සිදු කරනු ලබන අවස්ථාවේදී සභානායක ලක්ෂමන් කිරිඇල්ල සහ ඇමතිවරුන් දෙදෙනෙක් පමණක් ඉදිරි පෙළ අසුන් වල සිටින අයුරු දුටු බවත් එය හදිසි නිතිය මසකින් දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයට ආණ්ඩු පක්ෂය සහය නොදැක්වීමක් ලෙස තමන් දකින බවයි. එය බරපතළ ගැටළුවක් බවද මෙහිදී මන්ත්‍රිවරයා පෙන්වා දෙනු ලැබුවා.

පාර්ලිිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරද මෙම සංවාදයට එක්වුණා.

පාර්ලිිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පළ කලේ මෙවන් අදහසක්.