Friday, April 19, 2024

General line - 0115112241

වර්ජනය මැද දුම්රිය 16ක් පස්වරුවේත් ධාවණය කෙරේ

ලහිරු කපුගේ / සජිත් තිලකරත්න 




දුම්රිය වෘත්තීය සමති වැඩ වර්ජනයක් කි‍්‍රයාත්මක කළද අද (28) පස්වරුවේ කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වල සිට ප‍්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය කිහිපයක් ධාවනය කෙරුණා. දුම්රිය සාමන්‍යාධිකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු පැවසුවේ දුම්රිය 16ක් පමණ අද පස්වරුවේ ධාවනයට එක්වන බවයි. 

මුහුදුබඩ  දුම්රිය මාර්ගයේ  මාතර, ගාල්ල, අලූත්ගම සහ කළුතර දක්වා දුම්රිය 04ක් ධාවනය කෙරුණා. ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ මහනුවර, රඹුක්කන, වේයන්ගොඩ සහ මහව දක්වා එක් දුමිරිය බැගින් ධාවනයට එක්කර තිබු බවයි දුමිරිය බලධාරීන් පැවසුවේ. කැළණිවැලි මාර්ගයේ  අවිස්සාවේල්ල දක්වා දුමිරිය 02ක් සහ පුත්තලම මාර්ගයේ හලාවත දක්වා එක් දුම්රියක් ධාවනයට එක්කර තිබුණා. 

මේ අතර ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග අද පාර්ලිමේන්තුවේදී දුම්රිය වෘත්තීය සමති කි‍්‍රයාත්මක කර ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකළා. 

විශ‍්‍රාමික දුමිරිය සේවකයන් පිරිසක් ඉදිරියේදී කොන්ත‍්‍රාත් පදනමින් සේවයට එක්කර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.