Friday, April 19, 2024

General line - 0115112241

පොහොට්ටුවෙන් නව සන්ධානයක්




ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ සංවිධාන තීරණය කර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයට පෙර නව සන්ධානයක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ජා මේ වන විට ආරම්භකර ඇති බවයි ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මාධය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තියවේදීන්, ආගමික සංවිධාන රැසක් නව සංධානය සමග එක්වීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.