Saturday, April 20, 2024

General line - 0115112241

කෘෂි කර්මාන්තය නැංවීමට අගමැතිගේ අවධානය




කෘෂි බෝග වලට ඉහළ මිලක් ලබා දීම, ජල සුරක්ෂිතතාව, නවීන කෘෂිකර්ම දැනුමෙන් ගොවියා සන්නද්ධ කිරීම සහ අලවිකරණය යන සිව් වැදෑරුම් පදනම් ඔස්සේ ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්මය හා ගොවියාගේ ජීවන මට්ටම ඉහළ නැංවීමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. නාවුල ගොඩිගමුව වැව නවීකරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජල සුරක්ෂිතතාව අරමුණු කර ගනිමින් ග‍්‍රාමීය වැව් දහසකට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

ලග්ගල මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධන ව්‍යපෘති කිහිපයක්ද අග‍්‍රාමාත්‍යවරයා අතින් අද (28) විවෘත කෙරුණා.