Saturday, April 20, 2024

General line - 0115112241

පාසල් සිසුන්ට ලබා දීමට යන ටැබ් පරිඝණක යල් පැන ගිය ඒවාද ? චෝදනාවන්ට අකිල පිළිතුරු දෙයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




රජය මගින් පාසල් සිසුන්ට ලබා දීමට යන ටැබ් පරිඝණක යල් පැන ගිය ඒවා බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

පාසල් සිසුන්ට ටැබ් පරිගණක බෙදා දීමේ ව්‍යාපෘතිය පිළිබඳ නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙම ව්‍යාපෘතියේ අරමුණු පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළා.

සිසුන් අන්තර්ජාලය අනවශ්‍ය ලෙස භාවිත කිරීම් වැළැක්වීම සඳහා ආරක්ෂණ  වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.