Friday, April 19, 2024

General line - 0115112241

'පරාජය වුනේ දුර්වල මැදපෙළ නිසා' දිමුත්ගෙන් මැදපෙළට චෝදනා වැලක්

සමන්ත කුමාර




මැදපෙළ පිතිකරුවන් පීඩනයකින් යුතුව පන්දුවට පහරදීම දකුණු අපි‍්‍රකාව සමග ඊයේ පැවැති තරගය පරාජය වීමට හේතුවූ බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ශ‍්‍රි ලංකා කණ්ඩායමේ නායකයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ අවශ්‍ය මට්ටමේ දල ලකුණු වේගයක් රඳවා ගැනීමට පිතිකරුවන් අපොහොසත්වීම හේතුවෙන් අතිරේක පීඩනයක් එල්ල වූ බවයි.

මෙම පරාජයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලෝක කුසලාන කි‍්‍රකට් තරගයේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව තවදුරටත් අසීරු වී තිබෙනවා. 

ඒ සඳහා ශ‍්‍රී  ලංකා කණ්ඩායමට ඉතිරි වී ඇති තරග 02ම ජය ගැනීමට සිදුව ඇති අතර පකිස්තානය, බංග්ලාදේශය, එංගලන්තය යන කණ්ඩායම්වල ඉදිරි තරගවල ප‍්‍රතිපල ද ඊට බලපානු ඇති. මේ අතර ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග 02ක් අද පැවැත්වීමට නියමිතයි. ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර එක් තරගයක් පැවැත්වෙනවා. අනෙක් තරගය පැවැත්වෙන්නේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි