Thursday, March 28, 2024

General line - 0115112241

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ තීරණයට ගුරු සංගම් විරෝධය

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




දකුණු පළාතේ පාසල් සවස 02: 30 දක්වා පවත්වන ලෙස පලාත් ආණ්ඩුකාරවරයා සිදු කර ඇති නියෝගයකට ලංකා ගුරු සංගමය විරෝධය පළ කරනවා. 

ආණ්ඩුකාරවරයා විසින් එවැනි තීරණයක් ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු පාසල් වසා තැබීමට සිදුවූ කාලසීමාව තුළ මගහැරුණු අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහායි. 

කෙසේවෙතත් අත්තනෝමතිකව එවැනි තීරණයක් කි‍්‍රයාත්මක කළ නොහැකි බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ.