Thursday, April 25, 2024

General line - 0115112241

වෙළඳ යුද්ධය අවසන් කිරීමට අමෙරිකාව හා චීනය සැරසෙයි

පවිත‍්‍රා මධුහර්ශනී - විදෙස් පුවත් ඇසුරෙන්




දෙරට අතර පවතින වෙළඳ යුද්ධය නිමා කර යළි සාකච්ජා සඳහා එළඹීමට අමෙරිකානු හා චීන නායකයින් එකගත්වය පළ කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජී 20 සමුළුවට සමාගමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා චීන ජනාධිපති ෂී ජින් පින් ඒ සම්බන්ධයෙන් සාකච්ජා පවත්වා ඇති බවයි. 

එම සාකච්ජා අතිශය සාර්ථක බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. හුවාවේ සමාගමට යළි වෙළඳ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවයි අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.