Thursday, April 25, 2024

General line - 0115112241

අගමැති, පාස්කු ප‍්‍රහාරයෙන් හානිවූ මඩකලපුව සියෝන් දේවාස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක




පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් හානි වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිළිසකර කිරීම් ලබන නත්තලට පෙර අවසන් කර, නත්තල් දේව මෙහෙය පැවැත්වීම සදහා අවකාශ සලසා දෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (29)පෙරවරුවේ එම දේවස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින්. 

මෙම ප‍්‍රහාර මාලාවෙන් තුවාල ලබා දැනට රෝහල්ගතව සිටින පුද්ගලයින්ට විදේශ ප‍්‍රතිකාර සදහා පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.


එහිදී යුද හමුදාව විසින් සිදු කරන එම දේවස්ථානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳ අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී විසමා බැලූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. ඊට දායක වී සිටින යුද හමුදා නිලධාරීන්ට අග‍්‍රාමාත්‍යවරයා සිය ප‍්‍රශංසාව ද පළ කළා.