Friday, April 19, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන ලෝක කුසලාන තරගය ඇරඹෙයි

කසුන් කැලුම්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අතර තරගය ලීඞ්ස්හිදී දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිනා ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. 

අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමට නම් පාකිස්තානු කණ්ඩායම මෙම තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. ඔවුන් මේ වනවිට ප‍්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 6 වන ස්ථානයේයි. මේ දක්වා සහභාගි වූ තරග 7 ම පරාජය වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වනවා.