Saturday, April 20, 2024

General line - 0115112241

රළ පහරට හසු වූ සිද්ධියේ දෙදරු මවත් ජීවිතක්ෂයට පත් වේ 

රංජිත් රාජපක්ෂ




කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් 23 වැනි දින සැඩ රළ පහරට හසු වී අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත් වු බව හසිනි විජේසුරියගේ  ඥාතීන් පැවසූ බව nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

හසිනි විජේසුරිය නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කළ අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරියගේ සැමියා, දියණියන් දෙදෙනා සමග යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදී මුහුදු රළ පහරට හසුව ඉකුත් 23 වැනි දින හසිනි විජේසුරියගේ සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුණා.

සැඩ පහරට හසු වු හසින් විජේසුරිය අසාධ්‍යය තත්ත්වයෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

හසිනි විජේසුරියගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 වැනි දින හැටන්  කුඩාගම පොදු සුසාන භුමියේදී සිදු කර හත් දවසේ දානමය පින්කම පවුලේ ඥාතින් සහ හිතවතුන් විසින් ඊයේ (29) රාත්‍රියේ හැටන් නිවසේදී සිදු කර තිබුණා.