Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපතිවරයාට ප‍්‍රමාණවත් බලතල දී ඇති බව ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ කෙරේ



19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ප‍්‍රමාණවත් බලතල ලබාදී ඇති බව ආණ්ඩුව පවසනවා. 

රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල කියා සිටියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට මේ වනවිට ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බලයක් නොමැති බවයි. 

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (01) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

කෙසේ වෙතත් මෙම වැඩසටහනට එක් වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර ප‍්‍රකාශ කළේ තවමත් සක‍්‍රීයව පවතින එල්. ටී. ටී. ඊ.යේ ක‍්‍රියාකාරීත්වය සහ ඉස්ලාම් ත‍්‍රස්තවාදය හමුවේ විධායක ජනාධිපති ධුරය රටට අත්‍යවශ්‍ය බවයි. 

මේ වනවිට රටේ මතුව ඇති දේශපාලන අර්බුදයට ප‍්‍රධාන හේතුව ද 19 වන ව්‍යවස්ථා සංශෝධනය බවයි ඔහු ප‍්‍රකාශ කළේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.