Friday, April 26, 2024

General line - 0115112241

පාසල් ළමුන් 08ක් රැගෙන අධික වේගයෙක් ගිය ත්‍රීරෝද රථය පෙරළී යයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




පාසල් ළමුන් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක් අනතුරට පත් වීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 8 දෙනෙකු සහ රියදුරා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අද (02) උදෑසන 7.30 පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය හපුගස්තලාව ප්‍රධාන මාර්ගයේ හපුගස්තලාව මුස්ලිම් විදුහලට ආසන්නයේයි.

හපුගස්තලාව අක්කර 10 ප්‍රදේශයේ අතුරු මාර්ගයක සිට අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයට ඇතුළත් කිරීමත් සමග ත්‍රීරෝද රථය වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගය අභියස තිබු කාණුවක් මතට පෙරලීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසුවේ.

අනතුරෙන් හපුගස්තලාව මුස්ලිම් පාසලේ 1 වසරේ සිට 3 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසුන් පස් දෙනෙකු සහ සිසුවියන් තිදෙනෙකු තුවාල ලබා සිටින බවද පොලිසිය පැවසුවා. තුවාල ලැබු සිසුවෙක් වැඩි දුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.