Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපති අතින් අනාගතයට දුන් ත්‍යාගය (PHOTOS)




පොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (03) ජනතා අයිතියට පත්කෙරුණා.

පොළොන්නරුවේ ඉදිවූ පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විශාලත්වයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට පමණයි. 

එය මෙරට බිහිවූ, රාජ්‍ය නායකයකුගේ මැදිහත්වීමෙන් ඉදිකෙරුණු පළමු කෞතුකාගාරය ද වනවා. මෙරට ශිෂ්ටාචාරයේ බිහිවීම සහ විස්මිත වාරි තාක්ෂණයේ පුනරූපනයන් මේ තුළ දැකගත හැකියි. දේශීය තාක්ෂණය විදහා දක්වන කෞතුක භාණ්ඩ රැස් කිරීම මෙන්ම සංරක්ෂණයද මෙම කෞතුකාගාරය හරහා සිදු වනවා. මහල් තුනකින් සමන්විත මෙහි ස්වයං අධ්‍යයනය  භාෂා තුනෙන්ම සිදු වනවා.

කෞතුකාගාරය සහ පුස්තකාලය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 900 ක්. සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව කෞතුකාගාරය නැරඹීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර සංකේතාත්මකව මිලදී ගැනීම ජනාධිපතිතුමා අතින් සිදුවුණා. ඉන් අනතුරුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෞතාකුගාරය නිරීක්ෂණයට එක්වුණේ.