Friday, March 29, 2024

General line - 0115112241

උතුරු මුහුදේ ආපදාවකට ලක්වූ යාත්‍රාවක සිටි 10දෙනෙකු නාවික හමුදාව බේරා ගනී




යාපනය අර්ධද්වීපයේ පිහිටි කරප්පන් සිට අනලතිව් දූපත බලා මගීන් ප්‍රවාහනය කරමින් තිබියදී ආපදාවට ලක්වූ යාත්‍රාවක සිටි පුද්ගලයින් 10දෙනෙකු නාවික හමුදාව මගින් මුදා ගෙන තිබෙනවා.

කරප්පන් සිට නාවික සැතපුම් එකහමාරක් පමණ දුර මුහුදේදී එම යාත්‍රාවේ අවර පෙත්තේ ලණුවක් පැටලීම හේතුවෙන් යාත්‍රාව ආපදාවට ලක්ව තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පැවසුවේ. උතුරු නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවක් සහ ඩිංගි යාත්‍රාවක් එම ස්ථානයට පිටත් කර එම පිරිස මුදා ගත් බව ද නාවික හමුදාව පැවසුවා.