Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු හතරක් බිද වැටෙයි

කසුන් කැලුම් 




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ලීඞ්ස් හිදී දැන් පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 11.4ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා.

පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 10ක් ලබා සිටියදීයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 18කට දැවී ගියා. කුසල් මෙන්ඩිස් අද තරගයේදී රැස්කර ගත්තේ ලකුණු 3ක් පමණයි. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20කට දැවී ගියා. 

......................................

ඉන්දීයාවට එරෙහිව ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනියි 

(06-07-2019 15:28)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය ලීඞ්ස් හිදී දැන් පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායම අද (06) තරගයට පිවිසෙන්නේ එක් වෙනස්කමක් සමගින්.

ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට තිසර පෙරේරා අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා. ඉන්දීය කණ්ඩායම ද අද තරගයට එක් වන්නේ වෙනස්කම් දෙකක් සමගින්. යුස්වේන්ද්‍ර චහල් සහ මොහොමඞ් ශාමි වෙනුවට රවීන්ද්‍ර ජඬේජා සහ කුල්දීප් යාදෙව් ඉන්දීය කණ්ඩායමට කැදවා තිබෙනවා. ලසිත් මාලිංග එක්දින ලෝක කුසලාන පිටියේ සහභාගී වන අවසන් තරගයද මෙයයි.