Friday, April 26, 2024

General line - 0115112241

අඹතලේ - තොටලඟ මාර්ගයේ රථවාහන ධාවනයට සීමා




කලු පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අඹතලේ - තොටලඟ මාර්ගයේ රථ වාහන ධාවනය ලබන සැප්තැම්බර් මස 31 දක්වා සීමා කෙරෙනවා.

විකල්ප මාර්ග ලෙස අඹතලේ තොටලඟ මාර්ගයේ පැමිණ කොහිලවත්ත හන්දියෙන් වමට හරවා අවිස්සාවේල්ල - කොළඹ පරණ මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම අඹතලේ තොටලඟ මාර්ගයේ පැමිණ කටුපැලැල්ල මාර්ගය ඔස්සේ අවිස්සාවේල්ල - කොළඹ පැරණි මාර්ගයට පිවිසිය හැකි බවද පොලිසිය සඳහන් කළා.