Saturday, April 20, 2024

General line - 0115112241

"නිකාබය" තහනම් : ටියුනීසියාවත් ලංකාව ආදර්ශයට ගනියි

හේමන්ත කහවලගේ




උතුරු අප්‍රිකානු ටියුනීසියානු රාජ්‍ය, එරට කාන්තාවන්ට නිකාබය තහනම් කර තිබෙනවා. ඒ, එරට ටියුනිස් අගනුවරදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනතුරුවයි. එරට අග්‍රාමාත්‍ය යුසේෆ් චහෙඞ් විසින් මෙම තහනම ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

ටියුනිස් අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. සතියක් තුළ ටියුනීසියාවට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මුස්ලිම් බහුතරයක් වෙසෙන ටියුනීසියාව සැලකෙන්නේ සංචාරක ආකර්ෂණය අතින් ඉහළ රටක් ලෙසයි.