Friday, March 29, 2024

General line - 0115112241

ටැබ් පරිගණක දෙන දවස අධ්‍යාපන ඇමති කියයි

මහේෂ් චතුරංග




තව මාස දෙකකින් ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිඝණක ලබාදෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ බහුතාක්ෂණ විද්‍යාගාරය සහ පරිපාලන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

" අපි නොහිතෙන ආකාරයෙන් ලෝකය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ලෝකය සමග අපේ කමත් රැකගෙන නවීන තාක්ෂණයත් සමග ඉදිරියට යන්නයි අවශ්‍ය. ඒ සඳහා තව මාස දෙකක් වැනි කාලයක් තුලදී ජාතික පාසල් වල ගුරුවරුන් සහ සිසුන් ලක්ෂයකට පමණ ටැබ් පරිගණක ලබා දෙන්න අපි ලහි ලහියේ සුදානම් වෙන්නේ. නවීන තාක්ෂණයත් සමග ඉදිරියට යන එක වැදගත්" අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.