Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය ගැන චන්ද්‍රිකා කල කිරීමෙන්

කසුන් කැලුම්




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් නායකයින්ගේ ප්‍රතිපත්ති වර්තමාන නායකයින්ට අමතක වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා. හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කළේ යක්කල වීරගුල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

" මම දන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි දැන් තියෙන්නේ. මේ මගේ තාත්තා, අම්මා සහ මම හදපු නිදහස් පක්ෂය නෙමෙයි මේ තියෙන්නේ" හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කර සිටියා.