Thursday, April 18, 2024

General line - 0115112241

සාෆි ගැන හොයන්න රාවණා බලය සංවිධානය කුරුණෑගල රෝහලට

ෆසාල් මොහොමඞ්




වන්ද්‍යකරණ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි ගැන හොයන්න රාවණා බලය සංවිධානය කුරුණෑගල රෝහලට  සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ සොයා බැලීම සඳහා රාවණා බලය සංවිධානයේ නියෝජිතයින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අද (06) පැමිණියා. රෝහල් බලධාරීන් හමුවීමෙන් අනතුරුව මෙම සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මාධ්‍ය වෙත මෙගෙලස අදහස් පළ කළා.

" වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදුකළ ක්‍රියාව යටපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට පෙනී යන නිසා අපි කුරුණෑගල රෝහලට පැමිණියා. රෝහලේ බලධාරින් සහ අනෙක් අය සමග මුණගැසී සාකච්ජා කිරීමෙන් පසු අපිට පෙනී ගිය කරුණක් තමයි මේ සාෆි කියන වෛද්‍යවරයා මව්වරුන් 8000කට පමණ වඳ සැත්කම් සිදුකරලා තිබෙනවා කියන එක. නමුත් රටේ ආරක්ෂක අංශ විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධියේදී බලන්නේ මොන දේශපාලඥයාගේ දෘෂ්ඨි කෝණයෙන් ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් වන්ද්‍යකරණයට ලක්වූ මව්වරුන්ට සිදුවූ හානිය ගැන කවුද වගකියන්නේ කියන එක ගැන දැන් තියෙන්නේ ගැටලුවක්" උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

මේ එහිදි මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.