Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවට එරෙහිව මැතිව්ස්ගෙන් ශතකයක්

කසුන් කැලුම්




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය ලීඞ්ස්හිදී දැන් පැවැත්වෙනවා. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 264ක් රැස් කිරීමට සමත් වුණා. අද තරගයේදී ශ්‍රී ලංකා මුල් කඩුලු 4 බිද වැටුනේ ලකුණු 55ක් තුළයි.

දිමුත් කරුණාරත්න ලකුණු 10කට සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 18කට දැවී ගියා. අවිශ්ක ප්‍රනාන්දු රැස්කළ ලකුණු සංඛ්‍යාව 20ක්. කුසල් මෙන්ඩිස් රැස්කළේ ලකුණු 3ක් පමණයි. කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ  ඇන්ජලෝ මැතිවුස් හා ළහිරු තිරිමාන්න පස්වන කඩුල්ලට ලකුණු 124ක සබඳතාවක් ගොඩ නැගුවා.

ඇන්ජලෝ මැතිවුස් සිය එක්දින ක්‍රිකට් දිවියේ තුන්වන ශතකය වාර්තා කරමින් අද තරගයේදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 113ක්. මෙම එක්දින ශතක තුනම මැතිව්ස් ඉන්දීය කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීම විශේෂත්වයක් වනවා. අද තරගයේදී ලහිරු තිරිමාන්න ලකුණු 53ක් ලබාගත් අතර ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 29 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා ලකුනු 37කට බිද හෙලූ කඩුලු සංඛ්‍යාව 3ක්. ලීඞ්ස්හි පැවැත්වෙන මෙම තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයින් දෙපළක් වන අරවින්ද ද සිල්වා සහ සනත් ජයසූරියද පැමිණ සිටිනවා.