Thursday, March 28, 2024

General line - 0115112241

පරාජයෙන් පසු දිමුත්ගෙන් පැහැදිළි කිරීමක්

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ශ‍්‍රී ලංකා කණ්ඩායම ක‍්‍රමයෙන් දක්ෂතා අතරට පැමිණෙමින් සිටින බව නායක දිමුත් කරුණාරත්න පවසනවා. ලෝක කුසලාන තරගාවලියේ ඉන්දිය කණ්ඩායම හමුවේ ඊයේ (06) ලද පරාජයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. 

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ හිමිවුණේ 06වන ස්ථානයයි. මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ කුසල් ජනිත් පෙරේරායි.

ඔහු තරග 07කට එක්වෙමින් ලකුණු 273ක් රැස් කළා. ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිෙයේ වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවා ගත්තේ ලසිත් මාලිංගයි. ඔහු තරග 07කට සහභාගී වෙමින් බිඳ හෙලූ කඩුළු සංඛ්‍යාව 13ක්.

ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු පන්දු යවන්නන්ට කඩුළු 10 සීමාව පසුකිරීමට නොහැකි වීම විශේෂත්වයක්.