Friday, March 29, 2024

General line - 0115112241

පානදුර පොලිසියේ තිබු ගිනි අවි දෙකක් අතුරුදහන්




පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන් වී ඇති බව  වාර්තා වනවා. ඊයේ (06) පෙරවරුවේ සිට මෙම ගිනි අවි දෙක අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම ගිනි අවි දෙකත් සමග මැගසින් දෙකක්ද අතුරුදහන්ව ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ. එම ගිනි අවි සහ මැගසින් දෙක අතුරුදහන් වීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.