Friday, April 26, 2024

General line - 0115112241

බොදුබල සේනා සමුළුවේදී ඥාණසාර හිමියන්ගෙන් ජාතික අධිෂ්ඨානයක්

තරංග රුක්ෂාන් ජයසේකර




බොදුබල සේනා සංවිධානය සංවිධාන කරන සිව්හෙළේ මහා සමුළුවේදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මේවනවිට ජාතික අධිෂ්ඨානයක් සිදු කරමින් සිටිනවා. ඒ, රටට එල්ල වී ඇති විවිධ බලපෑම් හමුවේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මෙම සමුළුව අද පස්වරුවේ ආරම්භ වූයේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදීයි. 

සමුළුව සඳහා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. රටේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී ක්‍රියාවලට එරෙහිව සියලු පාර්ශව ඒකරාශී කිරීම මෙම විශේෂ සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණයි. 

........................................................

බොදුබල සේනා රැළිය ආරම්භ කිරීමට සියල්ල සූදානම්

(07-07-2019 15:38)

බොදුබල සේනා සංවිධානය සංවිධාන කරන සිව්හෙළේ මහා සමුළුව මේවනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, මහනුවර බෝගම්බර ක්‍රීඩාංගනයේදීයි.

මෙම විශේෂ සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වන්නේ රටේ ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදී ක්‍රියාවලට එරෙහිව සියලු පාර්ශව ඒකරාශී කිරීමයි. රට තුළ ක්‍රියාත්මක කිරීමට සුදුසු යෝජනාවලියකින් සමන්විත බෝගම්බර ප්‍රකාශනය දළදා වහන්සේ වෙත පූජා කිරීම ද අද පෙරවරුවේ සිදු කෙරුණා.