Thursday, April 18, 2024

General line - 0115112241

මිගමුව නගර සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට




නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් කළ පැමිණිලක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවෙකු කටාන පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
 
එම සිදුවීම අදාල පැමිණිල්ල ඉකුත් ජුනි මස 23 වනදා සිදුකර ඇති අතර අද (07) මීගමුව නගරයෙදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස  අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි ජයවීර ආරච්චිගේ රොයිස් විජිත ප්‍රනාන්දු නම් අයයි. ඔහු මීගමුව මහ නගර සභාවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කරනු ලබනවා.

මෙම අපරාධයට අදාලව මීට පෙර සැකකරුවන් 5කු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මීගමුව රක්ෂීත බන්ධනාගාර ගතකර සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වන අතර කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.