Thursday, April 25, 2024

General line - 0115112241

රජයේ ඉඩම් වල 10 වසරක් සිටි පුද්ගලයින්ට හිමිකම් ලබා දෙනවා : අගමැති




රජයේ ඉඩමක් වසර 10ක් අඛණ්ඩව භුක්ති විඳි ජනතාවට එම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අම්පාර ප්‍රදේශයේ පැවැති ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින්. 

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට එරෙහි පිරිස්වල විරෝධය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

රට පුරා ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන මේවනවිට සාර්ථකව ක්‍රියාත්මක බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.