Saturday, April 20, 2024

General line - 0115112241

ආණ්ඩුව ලහි ලහියේ සිදුකරන දෙයක් විපක්ෂ නායක හෙළි කරයි

ෆසාල් මොහොමඞ්




රට විකුණන පනත් කිහිපයක් කඩිනමින් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු කායි සිටියේ රටේ ඉඩම් වෙනත් රටවලට විකිණීමේ සූදානමක් ද මේ ඔස්සේ ක්‍රියාත්මක වෙමින් ඇති බවයි. 

" තව ටික කාලයයි විතරයි තියෙන්නේ. ඉක්මනටම ගේනවා පනත් ටික, ඉඩම් ටික අත්පත් කරගැනීමේ පනතත් ඒ අතර තියෙනවා. ත්‍රිකුණාමලයේ ඉදන් හදන්න එන ආර්ථික කොරිඩෝව ගැන කතා කරන සෝෆා ගිවිසුම එක් පැත්තකින්" විපක්ෂ නායකවරයා කියා සිටියා.

ආණ්ඩුව උත්සහ දරන රටට එරෙහි පනත් අහෝසි කිරීමට ජනාධිපතිවරයාට හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට එක්වෙමින්.