Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දුනීසියාවේ හටගත් ප‍්‍රභල භූ කම්පනයෙන් පසු නිකුත් කළ සුනාමි අනතුරු ඇගවීම ඉවත් කරගනී

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දුනීසියාවේ හටගත් ප‍්‍රභල භූ කම්පනයෙන් පසු නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇගවීම මේ වනවිට ඉවත් කර තිබෙනවා. මේ හේතුවෙන් එමගින් ශ‍්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. 

ඊයේ (07) රාති‍්‍රයේ හටගත් මෙම භූ කම්පනයේ ප‍්‍රභලත්වය රිච්ටර් මාපාංක ඒකක 6.9ක්. සුලාවාසි දූපත් ආශි‍්‍රතව කිලෝමීටර් 24ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය හටගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ සමගම ඉන්දුනීසියානු බලධාරීන් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කළා. එහෙත්, මේ වනවිට එය ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊයේ රාති‍්‍රයේ හටගත් භූ කම්පනයෙන් හානියක් සිදුව ඇත්දැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

ඉකුත් වසරේ මෙම දූපත් ආශ‍්‍රිතවම හටගත් ප‍්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 2200කට අධික පිරිසකට ජීවිත අහිමිවුණා.