Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එරෙහි තරගය දා පියාසර කළ ගුවන් යානයක් නිසා ඉන්දියාව නොසන්සුන් (PHOTO)

තරංග රුක්ෂාන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉකුත් දා ශ‍්‍රී ලංකාවට එරෙහි තරගය පැවැත්වෙද්දී කී‍්‍රඩාංගනයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි අවධානය යොමුවී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ අදාළ ගුවන් යානය මගින් දේශපාලන පණිවිඩයක් සහිත විශාල ප‍්‍රමාණයේ බැනරයක් ප‍්‍රදර්ශනය වන අයුරෙන් පියාසර කිරීමයි.

අදාළ බැනරයේ දැක්වුනේ ඉන්දියාවේ මැර කල්ලි පාලනයට සහය විය යුතු බවයි. මෙලෙස ගුවන් යානයක් පියාසර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුසිලයෙන් ද විමසීමක් කර තිබෙනවා.

එමෙන්ම කී‍්‍රඩාංගනය තුළ ද කාශ්මීරයට අදාළ බැනර් කිහිපයක් ප‍්‍රදර්ශනය කර ඇති බවයි විදෙස් මාධ්‍යයන්හි දැක්වුණේ.