Friday, April 19, 2024

General line - 0115112241

තෙල් නළ අර්බුදය සහ දුම්රිය වර්ජන ගැන අන්ලිමිටඩ් තුළින්



ඉකුත්දා අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබූ කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා දිවෙන තෙල් නළ එළීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඊයේ (08) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී ද සාකච්ඡා කෙරුණා.

ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ වැඩබලන සභාපති ජගත් විජේගුණරත්න ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සිදු කළා.

දුම්රිය වෘත්තීය සමිති වරින්වර කි‍්‍රයාත්මක කරන වැඩවර්ජන සම්බන්ධයෙන්ද ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු අන්ලිමිටඞ් වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. ඊට එක්ව කරුණු දැක්වූයේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු එස්. පී. විතානගේයි.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.