Thursday, April 25, 2024

General line - 0115112241

ඊයේ තරගය නතර කළ තැන සිට අද තරගය ඇරඹෙන්නේ මෙහෙමයි

තරංග රුක්ෂාන් /කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වර්ෂාව හේතුවෙන් ඊයේ (09) නතර කළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය අද (10) යළි ආරම්භ වනවා. එහි විශේෂත්වය වන්නේ ඊයේ තරගය අවසන් වූ ස්ථානයේ සිට අද තරගය ආරම්භවීමයි.

නවසීලන්ත ඉනිමේ 47 වන පන්දුවාරය කි‍්‍රයාත්මක වනවිට වර්ෂාව ඇදහැළුණු අතර පසුව ඊයේ දිනට යළි තරගය ආරම්භ කිරීමට හැකිවූයේ නැහැ. මෙවර ලෝක කුසලානයේදී කිසියම් හේතුවක් මත තරගයක් පැවැත්වීමට නොහැකි වුවහොත් ඒ වෙනුවෙන් අතිරේක දිනයක් ලබාදී තිබුණේ අවසන් පූර්ව වටයට සහ අවසන් මහා තරගයට පමණයි. 

ඊයේ තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසිලන්තය පන්දුවාර 46 යි එක් පන්දුවක් තුළ කඩුළු 5 කට ලකුණු 211 ක් රැස්කර ගෙන සිටියා. ඒ අනුව අද තරගය ආරම්භ වන්නේ එතැන් සිටයි. එහිදී නවසීලන්තයට තවත් පන්දු 23 කට මුහුණදී සිය පන්දුවාර 50 සම්පූර්ණ කිරීමට අවස්ථාව උදාවන අතර එම ඉලක්කය සපුරා ගැනීමට ඉන්දියාවට නියමිත පරිදි පන්දුවාර 50 ම හිමි වනු ඇති. අද දිනයේද තරගය පැවැත්වෙන්නේ ඊයේ තරගය පැවති මැන්චර්ස්ටර්හි  ඕල්ඞ් ට‍්‍රැෆඞ් කී‍්‍රඩාංගණයේයි. එහි කාලගුණ දත්ත පරීක්‍ෂා කිරීමේදී දැකගත හැකි වුයේ අද දිනයේද වැසිබර කාලගුණික තත්ත්වයක්  පවතින බවයි.

ඒ අනුව අද දිනයේද තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් සිදුවන්නේ කුමක් දැයි නෙත් ස්පෝර්ට්ස්මන් සොයාබැලීමක් සිදුකළා. තරගයේ තීරණයක් ගැනීමට නම් ඉන්දියාව අද දිනයේදී අවම වශයෙන් පන්දුවාර 20 ක් හෝ කී‍්‍රඩා කළ යුතුයි. එසේ වුවහොත් ඔවුන්ට පන්දුවාර 20 ක් තුළ හිමි වන ඉලක්කය ලකුණු 148 ක්. අද දිනයද තරගය වර්ෂාවට සේදී ගියහොත් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

ඒ, මූලික වටයේදී ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම ලෙස ඉන්දියාවට ඒ සඳහා අවස්ථාව පැවතීම හේතුවෙන්.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය එංගලන්තය හා ඕස්ටේ‍්‍රලියාව අතර හෙට (11) පැවැත්වීමට නියමිතයි. එම තරගයට ද ඊයේ තරගයට බලපෑ නීති එලෙසම ක‍්‍රියාත්මක වනවා.

ඒ අනුව හෙට තරගයද යම් හෙයකින් අතිරේක දිනයට යොමු වී එහිදීද තරගය අත්හැර දැමුව හොත් ඕස්ටේ‍්‍රලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී හෝ තීරණයක් නොමැති වුවහොත් කණ්ඩායම් දෙක අතර ශූරතාවය බෙදී යනු ඇති.  මේ අතර අවසන් පූර්ව තරග දෙකේදී හා අවසන් මහා තරගයේදී යම් හෙයකින් ලකුණු සමවීමක් වුවහොත් සුපිරි පන්දුවාරයක් ක‍්‍රියාත්මක කර ජයග‍්‍රාහකයා තෝරා ගැනීමට නියමිතයි.