Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ICCයෙන් වාර්තාවක් එළියට

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙනවා. එහි දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා පිළ තරගාවලියට එක්වූයේ අස්ථාවර කණ්ඩායමක් ලෙසින් බවයි.

නවක නායකයෙකු සහ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කලකට පසු එක්දින සංචිතයට එක්වීම ඊට හේතු ලෙස දක්වා තිබුණා. කෙසේවෙතත් ලෝක කුසලානයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සාධනීය කරුණු දෙකක් අදාළ වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා. එක් කරුණක් වන්නේ තවමත් 21 වන වියේ පසුවන අවිශ්ක ප‍්‍රනාන්දුගේ දක්‍ෂතායි. එමෙන්ම ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් වන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ දක්‍ෂතාද එහිදී අගය කර තිබෙනවා.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් බිද හෙළා ඇත්තේ කඩුළු 30 ක් පමණයි. ඒ සඳහා පන්දුවාර 219 යි පන්දු 3 ක් වැය කර තිබෙනවා. එහෙත්  ඕස්ටේ‍්‍රලියාවේ මිචෙල් ස්ටක් එම පන්දුවාර සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණක් යවමින් කඩුළු 26 ක් බිද හෙළා ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. 

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකු අතර ලකුණු සියයක සබඳතා ගොඩනැගී ඇත්තේ අවස්ථා 2 කදී පමණයි. එහෙත් ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පමණක් එවැනි සබදතා 4 ක් ගොඩනගා ඇති බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ ප‍්‍රගති වාර්තාවෙහි සඳහන්ව ඇත්තේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කඩුල්ලක් ලකුණු 26.14 ක සාමාන්‍යයක් තුළ බිද වැටී තිබෙනවා. එසේ ගත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී තරගයකදි රැස් කර ගත හැකි සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 261 ක්. එය තරග ජයග‍්‍රාහී ලකුණක් නොවන බවද ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වැඩිදුරටත් පවසනවා.