Saturday, April 20, 2024

General line - 0115112241

මහින්දට ලබන 11 වැනිදා නායකත්වය භාර දීමේ සැළසුමක්




අගෝස්තු 11වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත්වීමෙන් පසු සිය ජනාධිපති අපේක්ෂකයා ද, ප‍්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නම් කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් විරෝධය පළ කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.