Thursday, March 28, 2024

General line - 0115112241

හතුරුසිංහ ඉවත් නොවන්නේ නම් ඊටද විකල්ප ඇති බව ක්‍රිකට් බලධාරීන් කියයි

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙනත් කණ්ඩායමකට හෝ පුහුණුු සංචිතයකට අනුයුක්ත කිරීම කෙරෙහි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ප‍්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලද පසුබෑම සැලකිල්ලට ගනිමින් මෙවැනි තීරණයක් කෙරෙහි කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව සඳහන්.

ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු සියලු පුහුණුකරුවන් ඉවත් කිරීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ඒ අනුව වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ජෝන් ලූවිස් පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගනු ඇති.

පුහුණුකරුවන්ට විශාල වැටුපක් ලබාදුන්නත් ඔවුන්ගෙන් නිසි කාර්යභාරයක් ඉටු නොවන්නේ නම් මෙවැනි තීන්දු තීරණ ගැනීමට සිදුවන බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් බලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ. චන්දික හතුරුසිංහ ප‍්‍රධාන පුහුණුකරු ධුුරයෙන් ඉවත් නොවන්නේ නම් ඊටද විකල්ප ඇති බව කි‍්‍රකට් බලධාරීන් සඳහන් කළා.

කෙසේ වෙතත් ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවයිනට පැමිණීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චන්දික හතුරුසිංහ සඳහන් කළේ සිය ගිවිසුම අවසන් වීමට තවත් මාස 16 ක කාලයක් ඉතිරිව ඇති බවයි. 

කෙසේවෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණකරුවෙකු වන පෝල් ෆ‍්‍රාබේස් සහ පාකිස්තානු කණ්ඩායමේ වත්මන් පිතිකරණ පුහුණුුකරු සිම්බාබ්වේ හිටපු නායක ග‍්‍රාන්ඞ් ෆ්ලවර් ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක් කර ගැනීමට බලධාරීන් සාකච්ඡා සිදු කරමින් සිටින බවද වාර්තා වනවා.