Friday, March 29, 2024

General line - 0115112241

කෘෂිකර්මාන්තයට පන පොවන වැව් ගම් පුබුදුව කඩිනම් කෙරේ

කසුන් කැළුම්




දිස්ති‍්‍රක්ක 7 ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව් ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම වැඩසටහන කි‍්‍රයාවට නැංවෙන්නේ හරිත දේශගුණික අරමුදලේ රුපියල් මිලියන 3682 ක හා ශී‍්‍ර ලංකා රජයේ අරමුදල් රුපියල් මිලියන 1,250 ක වියදමින්.

පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, වව්නියාව ඇතුළු දිස්ති‍්‍රක්ක 7 ක ගංගා ද්‍රෝනි 3 ආශි‍්‍රතව මෙම වැඩසටහන කි‍්‍රයාවට නැංවෙයි. මේ වනවිට වැව් 140 ක සංවර්ධන කටයුතු අවසන් වී ඇති අතර ලබන අගෝස්තු මාසයේදී එම වැව් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.