Friday, March 29, 2024

General line - 0115112241

උද්වේගකර ධාවන තරග අත්දැකීමක් ජාතියට තිළිණ කරන 'SLT Speed Up Karting Challenge 2019' ධාවන තරගයට සියලූ කටයුතු සූදානම්




මහජනතාව වෙත නවමු ක‍්‍රීඩා අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් මෙරට ප‍්‍රමුඛතම තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ හා ඩිජිටල් සේවා සම්පාදකයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම 'SLT Speed Up Karting Challenge 2019 කාර්ටින් ධාවන තරගය ප‍්‍රවර්ධනය කරනු පිණිස බණ්ඩාරගම Sri Lanka Karting circuit (SLKC) සමග අත්වැල් බැඳගන්නා ලදි. 

2015 වසරේදී ආරම්භ කරන ලද  'SLT Speed Up'වැඩසටහනෙහි දිගුවක් වශයෙන් මෙම කාර්ටින් ධාවන තරගය 2019 ජූලි මස 13 දින පෙ. ව.  9 සිට බණ්ඩාරගම ශ‍්‍රී ලංකා කාර්ටින් සර්කිට්හිදී පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇත. 

මෙම අභියෝගය භාරගනිමින් විස්මිත තරග අත්දැකීමක කොටස්කරුවන් වීමට කැමති තරගකරුවන්ට තවමත් මේ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව විවෘතව පවතී. මෙහි ප‍්‍රධාන අනුග‍්‍රාහක සමාගම වශයෙන් දායක වීමේ ශ‍්‍රී ලංකා ටෙලිකොම්හි අරමුණ වන්නේ ජාතියට ප‍්‍රතිලාභ රැසක් තිළිණ කිරීමේ භව්‍යතාවක් ඇති නැගී එන අංශයක් වන‘ක‍්‍රීඩා සංචාරක කර්මාන්තය’ ආශ‍්‍රිත වෙළෙඳපොල ඉඩකඩ පුළුල් කිරීමට දායක වන අතරම, ක‍්‍රියාදාම පාදක කරගත් විනෝදාස්වාද සහ විවේක ක‍්‍රියාකාරකම් සඳහා ඇති ඉහළ ඉල්ලූම ඉටුකිරීමට පෙරමුණ ගැනීමයි. 

ක්‍ෂෙත්‍රය තුළ ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතීන් තහවුරු කිරීමේ අරමුණින් මෙම තරගය Ceylon Motor Sports Club විසින් සංවිධානය කොට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් එහි පාරිභෝගිකයන් වෙත පිරිනමන අසමසම අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන් විසදුම් high-speed fibre broadband solutions සංකේතවත් කරමින් 2016 වසරේදී 'SLT Speed Up  සයිකල් සවාරිය’දියත් කරන ලදි. 

මේ සඳහා තරුණ පරපුර වෙතින් ලැබුණේ නොමඳ පැසසුමකි. එම තේමාවම අනුගමනය කරගනිමින් 2019 පෙබරවාරි මස‘දක්‍ෂිණ එළිය කන්ද කදු තරණ’තරගාවලිය පවත්වන ලදී . Speedup තරග මාලාවේ මින් පෙර පැවැත්වුණු එවැනි වැඩසටහන් වල සාර්ථකත්වය මත පදනමේ වෙමින් මෙකී කාර්ටින් අභියෝගතා තරගයට දායක වීමට ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම තීරණය කරන ලදි.

ශ‍්‍රී ලංකාවේ ධාවන තරග හා සම්බන්ධ ජාත්‍යන්තර මට්ටමේ ප‍්‍රමිතීන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා මෙම SLT Speedup කාර්ටින් අභියෝගතා තරගාවලියෙන් මහඟු  පිටිවහලක් ලැබෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ එකම ක‍්‍රියාදාම පාදකකරගත් විනෝදාස්වාද පරිශය වන බණ්ඩාරගම පිහිටි ශ‍්‍රී ලංකා කාර්ටින් සර්කිට්හිදී තරගකරුවන් සහ පේ‍්‍රක්‍ෂකයන් යන දෙපිරිසම වෙත උද්වේගකර ක‍්‍රීඩා අත්දැකීමක් ලබා දීමට දායක වීම සඳහා අවශ්‍ය සියලූම විධි විධාන මේවන විටත් සලසා ඇත.

මෙම කාර්ටින් සර්කිට් පරිශ්‍රය  David Pieris Racing & Leisure (Pvt) Ltd හි හිමිකාරත්වය යටතේ එම සමාගම විසින් පවත්වාගෙන යනු ලබන්නකි. මෙම ක‍්‍රියාදාමය ඔස්සේ ශ‍්‍රී ලාංකිකයන් සියලූමදෙනා වෙනුවෙන් ඉහළ ගුණාත්මකභාවය, සුව පහසුව හා සුරක්‍ෂිතතාව වෙත ප‍්‍රමුඛ අවධානයක් යොමුකරමින් ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ප‍්‍රමිතීන් ප‍්‍රවර්ධනය කිරීමට දායක වීම සමාගමේ අභිලාෂයයි. 

SLKC පරිශ‍්‍රය වෙත  International Karting / Federation Internationale De L’Automobile (CIK/FIA) පිළිගැනීමද හිමි වූ අතර ඒ අනුව ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු දකුණු ආසියාවේ එකම කාර්ටින් ධාවන පථය බවට එය පත්වීම විශේෂයකි.

විවිධ පැතිකඩ කෙරෙන් ජාතික සංවර්ධනය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම මහගු දායකත්වයක් දක්වන බව අවස්ථා රැසක් කෙරෙන් ගම්‍යකර ඇත. සමස්ථ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහයේම ව්‍යාපාරික කටයුතු අතරවාරයේදී සිය ප‍්‍රමුඛ ව්‍යාපාරික අරමුණ ලෙස සලකා අති නවීන තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසදුම් හා ඒ හා සබැදි යටිතල පහසුකම් සංවර්ධනය කරන අතරම මෙවැනි ක‍්‍රියාදාමයන් හරහා කර්මාන්තය තුළ සිටින සියලූම පාර්ශ්ව වෙත අසමසම ආදර්ශයක් ලබාදෙමින් සංවර්ධනය වෙනුවෙන් දායක වීම සමූහයේ අරමුණයි.