Friday, March 29, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය කිලෝ 60ක් සමගින් ධිවර යාත්‍රාවක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




ගාල්ලට දියඹින් වු ගැඹුරු මුහුදේ දී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60ක් සමග ධිවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගනු ලැබු එම ධිවර යාත්‍රාවේ ලියාපදිංච් අංකයක් හෝ එය අයත් රටේ ධජයක් දක්නට නොමැති බවයි. එය විදෙස් රටකට අයත් යාත්‍රාවක් බවට නාවික හමුදාව සැකපළ කර සිටිනවා.

ගැඹුරු මුහුදේ ස්ථානගත කර තිබු නාවික හමුදාවේ මුර යාත්‍රාවක් මගින් අත්අඩංගුවට ගනු ලැබු එම ධිවර යාත්‍රාව වැඩිදුර විමර්ශන සදහා මේ වන විට ගොඩබිම කරා රැගෙන එමින් පවතින බවයි

එමෙන්ම ඊයේ (10) දිනයේදි නාවික හමුදාව විසින් දකුණු මුහුදු තිරයේදි ශ්‍රි ලංකාවට අයත් බහුධින ධිවර යාත්‍රාවක් එහි සිටි ධිවර කාර්මිකයින් සිව්දෙනෙක් සමග අත්අඩංගුවට ගනු ලැබුවා.

එම ධිවර යාත්‍රාවේ තිබි හමුවු මත්ද්‍රව්‍ය සාම්පල් සහ අද දිනයේදි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබු විදෙස් රටකට අයත් යාත්‍රාවේ තිබි සොයා ගත් කිලෝග්‍රෑම් 60කට ආසන්න මත්ද්‍රව්‍යන්හි සමානාත්ම තාවයක් පවතින බව නාවික හමුදාව ප්‍රකාශ කර සිටියි.