Friday, March 29, 2024

General line - 0115112241

වෛද්‍ය සාෆි ලබන 25 වනදා තෙක් රිමාන්ඩ්

ෆසාල් මොහොමඩ්/තරංග රුක්ෂාන්




කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද අංශයේ සේවය කළ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි, ලබන 25 වනදා දක්වා අද රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔහු කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි වෛද්‍ය සාෆි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට රැගෙන ආවා. ඒ, කිසිවෙකුට නොපෙනෙන අයුරින් අධිකරණ පරිශ‍්‍රය පිටුපස ඇති මාර්ගයකින්.

මේ අතර තමන්ට සාධාරණයක් ඉල්ලා මව්වරුන් පිරිසක් අධිකරණ පරිශ‍්‍රයට පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.