Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු ප‍්‍රහාරයෙන් දින 80 කට පසු තුවාල ලබා සිටි තරුණියක් මිය යයි

හේමන්ත කහවලගේ/ලහිරු කපුගේ/තරංග රුක්ෂාන්




පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් තුවාල ලබා දින 80 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ 22 හැවිරිදි තරුණියක් අද ජීවිතක්‍ෂයට පත් වුණා.

ඇය තුවාල ලැබුවේ මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූූ ප‍්‍රහාරයෙන්.

තුවාල ලැබූ මෙම තරුණිය පළමුව මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇය වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඇතුළත් කෙරුණේ රාගම ශික්‍ෂණ රෝහලටයි. පොලීසිය පැවසුවේ මෙම තරුණිය රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද දිනයේ ජීවිතක්‍ෂයට පත් වූ බවයි.

උමා සංකරී නම් වූ ඇය මඩකලපුව ප‍්‍රදේශයේම පදිංචිකාරිණියක්.