Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක කුසලානයේදී එංගලන්තය හමුවේ ඕස්ටේ‍්‍රලියාව අමාරුවේ වැටේ

තරංග රුක්ෂාන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය බර්මින්හැම් හිදි දැන් පැවැත්වෙනවා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන්  ඕස්ටේ‍්‍රලියාවට පන්දුවාර 49 කදී සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 223 ක් පමණයි.

ලකුණු 300 කට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත හැකි බව කියූ බර්මින්හැම් තණතීරුවේදී ආරම්භයේ සිට දක්‍ෂ පන්දු යැවීමක නිරතවීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී කි‍්‍රස් වෝක්ස් ලකුණු 20 කට කඩුළු 3 ක් බිද හෙළුවා. එංගලන්ත පන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් එකම පිතිකරුවා බවට පත්වෙමින්  ඕස්ටේ‍්‍රලියාවේ ස්ටිව් ස්මිත් ලකුණු 85 ක් රැස් කළා.