Thursday, April 25, 2024

General line - 0115112241

විශ්වාසභංග විවාදයෙන් පාර්ලිමෙන්තුව උණුසුම් වෙයි

සමන්ත කුමාර/තරංග රුක්ෂාන්




ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය පාර්ලිමේන්තුවේදී අද දෙවන දිනටත් පැවැත්වුණා.

මේ, විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සහ ඉන් පසු තත්ත්වය සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා මෙහිදි අදහස් පළ කළා.

ආණ්ඩුව පාර්ශවය වෙනුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක අදහස් පළ කළා. 

ජනතාව තුළ ඇති බිය සැක දුරු කිරීම සදහා ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍ය බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ.

ජනතා විමුක්ති පෙරමුණට එල්ල වන චෝදනාවන්ට පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉදුනිල් අතර පාර්ලිමේන්තුවේදී අද උණුසුම් විවාදයක් ඇති වුණා.

මේ අතර ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ සඳහන් කරුණු තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් විවාදයට එක් වෙමින් කියා සිටියා.  කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කරන බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ. එම චෝදනා ඔප්පු කළහොත් මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් වැඩිදුරටත් සඳහන් කළා.