Friday, April 19, 2024

General line - 0115112241

විදුලි බිල ඉහළ යන ලකුණු




විදුලි සේවා ලබාගැනීමේදි දැනට පවතින ගාස්තු ක්‍රමය සංශෝධනය කළ යුතු බව අමාත්‍ය කරුණනායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමෙන්තු විවාදයකට එක්වෙමින්.

ඒ අනුව නව මහජන උපයෝගිතා කොමිසමක් පත්කර මෙම ඒ තුලින් නව ගාස්තු ක්‍රමයක් ඇතුළු තවත් සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය වර්ෂ දෙක තුළ පැවති දැඩි වියළි කාලගුණ තත්වය නිසා ජල විදුලි උත්පාදනය සැලකිය යුතු ලෙස පහල ගිය බවත් ඔහු සඳහන් කළා.

එම තත්වය තුළ අඛන්ඩව විදුලි සම්පාදනය කිරීමට තාප බලාගාර වැඩිපුර උපයොගි කර ගැනීමට සිදුවීම හේතුවෙන් විදුලි ජනන පිරිවැයි ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත් මෙම විවාදයට එක්වූ පාර්ලිමෙන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා රවී කරුණානයක මහතාගෙන් විමසුවේ විදුලි බල මණ්ඩලය නිරන්තරයෙන් උත්සහ කරන්නේ ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පදානය කිරීමට විනා සුළං,ගල් අගුරු,හිරු එළිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභාවයන්ගෙන් විදුලිය ජනනය කිරීමට නොවන බවයි.

මේ අතර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ මෙරට ජල විදුලි බලාගාර වල දැවැන්ත ගැටලුවක් ඇති බවයි.ජල විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශ වල ජලය ප්‍රධාන වශයෙන් බීමට හා වගාවන්ට මුදා හරින බවත් ඉතිරි වන ජලයෙන් කෙරෙන විදුලි නිශ්පාදනය රටේ විදුලි ඉල්ලුම සම්පූර්ණ කිරීමට නොහැකි බවත් ඔවුන් සඳහන් කරයි.නිසි කලට වැසි නොලැබීමෙන් මෙම තත්වය වඩාත් උග්‍ර වන බව පෙන්වාදෙන ඔවුන් ලංකාව පුනර්ජනනීය බලශක්ති ප්‍රභාවයන්ගෙන් විදුලිය ජනනය කිරීමේ ව්‍යෘපෘති වලට වහා යොමුවිය යුතු බවද සඳහන් කරයි.