Friday, April 26, 2024

General line - 0115112241

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ඡන්දෙ දෙන්න නොපැමිණි නව දෙනා මෙන්න

සමන්ත කුමාර




ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද අද පැවති ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් නව දෙනෙකු පැමිණ නොසිටි බව නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකාරු පවසනවා.

ඒ, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස් බී නාවින්න, ඩග්ලස් දේවානන්ද, අශෝක ප‍්‍රියන්ත, ශිවශක්ති ආනන්දන් සහ රාජ්‍ය අමාත්‍ය වී රාධකි‍්‍රෂ්නන් යන අයයි. 

මෙම විශ්වාසභංග යෝජනාව  වැඩි ඡන්ද 27 කින් පරාජයට පත් වුණා.

ඊට පක්‍ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 119 ක්. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් සහ මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් එක්සත් ජාතික පක්‍ෂය සමග යෝජනාවට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළා.